‘පොලිස් නිලධාරීන් කපා කොටා දැම්මේ අපයි.. හැකි දෙයක් කරනු..’ – ‘ආවා ගෲප්’ කොචොක් කරයි.. අංක නැති යතුරු පැදිවලින් සැරිසරයි..

පසුගියදා යාපනය චුන්නාකම්හිදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු කපා කොටා තුවාල කලේ තම සංවිධානය විසින් යයි උතුරේ ක‍්‍රියාත්මක වන ‘ආවා ගෲප්’ කණ්ඩායම විසින් යාපනය සහ ආසන්න නගරවල අත්පත‍්‍රිකා බෙදා ඇත.

පොළිසිය විසින් යාපනය සරසවි සිසුන් දෙදෙනෙකු ඝාතනය කිරීම නිසා මෙය සිදු කල බවද අදාල අත් පත‍්‍රිකාවන්හි දැක්වෙයි. මෙම අත් පති‍්‍රිකා උතුරේ යාපනය, කිලිනොච්චි, මරුදනාමඩම්, චුන්නාගම් ආදී ප‍්‍රදේශයන්හි බෙදා දී ඇත්තේ අංක තහඩු නැති යතුරු පැදිවලින් පැමිණි මුහුණු ආවරණය කරගත් පිරිසක් බවද පෙීලිසිය කියයි.

පොලිස් නිලධාරීාන් කපාකොටා දැමීමේ වගකීම බාර ගනිමින් ඔවුන් සදහන් කර ඇත්තේ සමාජය විනාශ කරන්නන්ට හා කාන්තා ප‍්‍රචණ්ඩත්වයන්ට එරෙහිව මෙම ක‍්‍රියා සිදුකරන බවයි.



Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment