ශ්‍රී ලංකා වරාය අධිකාරිය පෞද්ගලීකරණය කිරීමට කිසිදු සූදානමක් නොමැති බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.
රජයේ මැදිහත්වීම යටතේ ආයෝජකයින් යොදවා ගනිමින් වරාය සංවර්ධනය කිරීම සඳහා පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
වරාය අධිකාරිය පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කර ඇති බවට වෘත්තීය සමිති නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව අර්ජුණ රණතුංග මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
0 comments :
Post a Comment