රත්නපුර ගිය අයට විනය පියවර නෑ - අලුත් පක්ෂ හදලත් නෑනේ - අමරවීර


රත්නපුරයේ ඊයේ (08) පැවැත් වූ ඒකාබද්ධ විපක්ෂයේ රැළියට සහභාගී වූ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයින්ට එරෙහිව විනය පියවර නොගන්නා බව
සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබේ.
“විරුද්ධ පක්ෂයේ ඉන්නකොට


මේ වගේ දේවල් කිරීම සාමාන්‍යයි. විනය ක්‍රියාමාර්ග ගන්නවා කියන්නෙ පක්ෂය දෙකට වෙන එක. මේ පක්ෂය දෙකඩ කරන්න අපි කිසිම හේතුවක් ඇති කරන්නෙ නැහැ. කවුරු හරි කඩාගෙන යනව නම් මිසක් යන්න හේතු හදලා දෙන්න අපි කටයුතු කරන්නෙ නැහැ.” ඔහු කියා ඇත.
කෙසේවෙතත් ඒකාබද්ධ විපක්ෂයේ ජනතා සහභාගීත්වය අඩුවක් මෙවර පෙනෙන්නට තිබුණ බවත් අලුත් පක්ෂයක් හදනවා යයි කීවද එසේ කරන්නට ඔවුන් ඊයේ නිර්භීත නොවුණ බවත් ඇමතිවරයා පෙන්වාදුන්නේය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment