පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණන වෙනස් කිරීම එතරම් කජ්ජක් නොවන බවත්යැ වැඩිකල් යාමට කලින් එය සිදුවේවී යැයිද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ "අරගලයට පණ පොවන නව ජනතා බලවේගය" නමින් රත්නපුරේදී පැවති ජන රැළිය අමතමින් හිටපු ජනපතිවරයා මේ බව පැවසීය.
"අද මෙයාලා දෙන්නා එක්වෙලා මේ රට දෙකඩ කඩන්න කෑලිවලට කඩන්න හදනවා" යැයි හෙතෙම සඳහන් කළේය.
"ඇමතිවරු පස්සෙත් සීඅයිඩිය දානවා මන්ත්‍රීවරුන්ගේ ටෙලිෆෝන් ටැප් කරලා. අපේ ගේ ඉස්සරහත් ඒකකයක් දාලා ගෙදරට යන එන අය ගැන ලැයිස්තු ලියනවා. මම කිව්වා ඇවිල්ලා පුටුවක් තියලා ලියා ගන්නවා කියලා. මොකද මම රහසේ කුමන්ත්‍රණ කරන්නේ නෑ දෙන ගේම් එක එළියේ තමයි. ප්රජාතන්ත්රවාදයට ගුරු කරලා එළියේ ගහන්නේ. ඒ නිසා ඒ ගැරන්ටිය අපිට දෙන්න පුළුවන් රෑට ආප්ප කාලා කරන්නේ නෑ " යැයිද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
රණවිරුවන් බේරාදුන් රට බෙදන්න - විනාශ වෙන්න නොදී රැකගත යුතු බව ද බණ්ඩාරනායක මහතා හැදූ පක්ෂය අද අලියාගේ පස්ස පැත්තේ එල්ලා ඇති බවද හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.
සිරිසේන ජනාධිපතිවරයා මේ සෙනඟ දුටුවානම් පවිත්‍රා ඉවත් කිරීම ගැන කනගාටුවනු ඇතැයිද "ඔබට ඕනදේ දෙන්න මම ලෑස්තියි" යැයිද ආණ්ඩු පක්ෂයට ගිය අය වැඩිකල් යාමට කලින් අපේ පැත්තට ඇවිත් ඉඳගන්නා බවද ඔහු පැවසී ය.
මහ සංඝරත්නය ඇතුළුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, රංජිත් සොයිසා, උදය ගම්මන්පිල, පවිත්‍රාවන්නි ආරච්චි, වාසුදේව නානායක්කාර, කෙහෙළිය රඹුක්වැල්ල, කුමාර වෙල්ගම, විමල් වීරවංශ, දිලුම් අමුණුගම, සී.බී රත්නායක, දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් ජනරැළියට එක්ව සිටියහ.
0 comments :
Post a Comment