නව ව්‍යවස්ථාව පරාජය කරන්න සංවිධාන 33ක් (VIDEO)

නව ව්‍යවස්ථාව පරාජය කරන්න සංවිධාන 33ක් (VIDEO)

රජයේ යෝජිත නව ව්‍යවස්ථාව පරාජය කිරීම සඳහා ඉදිරියේදී සංවිධාන 33ක් සමඟ එක්ව කටයුතු කරන බව රාවණාබලය සංවිධානවේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) පෙරවරුවේ ජාතික සංවිධාන එකමුතුව කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ, "රජය නව ව්‍යවස්ථාවක් ගෙනඑමින් ඒක බෙදුම්වාදය කරා යන ගමනකට පිවිසෙමින් ඉන්නවා. ඒක පරාජය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරගන්න වැඩපිළිවෙලට අපට මේ වෙනකොට කැමැත්ත පළකරලා තියෙනවා සංවිධාන 33ක්. බෞද්ධ, සිංහල සංවිධාන ඒ අතර වෙනවා. අපි ව්‍යවස්ථාවට එරෙහි රැලි මාලාවක් ජනවාරි මාසයේ පටන්ගන්නවා. 'රට වෙනුවෙන් අපි' කියලා මේ වැඩපිළිවෙල සකස් කරගෙන තියෙනවා. මේ ආණ්ඩුව නව ව්‍යවස්ථාව ගෙනආවොත් අනිවාර්යයෙන් මේ භූමිය තුළම අපි පරාජය කිරීමට සටනක් දියත් කරනවා" යනුවෙන් කියාසිටියේය.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment