අමරදේවයන් නමින් ලංකාවේ ලොකුම හෝල් එක හදන්න - නලීන් පෙරේරාගෙන් යෝජනාවක්

අභාවප‍්‍රාප්ත ආචාර්ය අමරදේවයන්ගේ දේහය මල් ශාලාවේ සිට නිදහස් චතුරශ‍්‍රය කරා ගෙන ගිය අවමංගල පෙරහැර අතරතුර මේරියන්ස් ගායන ශිල්පී නලීන් පෙරේරා යෝජනාවක් කළේය.

එය මෙසේය.

‘අපේ ශෛලියේ ගායනයට සමීප නැති වුණත් මෙතුමා ඉතා නිරහංකාර නිහතමානී මනුස්සයෙක්.අපට එතුමා හමුවෙන්න මුල්වරට ඇරයුමක් ලැබුනෙ එතුමාගෙන් එතුමාගේ 85 වන උපන්දිනය සමරන්න නෙළුම් පොකුණ රඟහලේ පැවති ප‍්‍රසංගයේදී ශාන්ත මේ රෑයාමේ ගීතය එතුමා සමග අපි ගායනා කළා. ඒ වනතුරු එතුමන්ව මුණ නොගැසීම ගැන මං පසුව දුක්වුණා.
මං අද යෝජනා කරනවා එතුමාගේ නාමය වෙනුවෙන් මේ රටේ විශාලතම ශ‍්‍රවණාගාරය ඉදිකරන්න කියල. ආසන 5000 කටවත් එහා ගිය ශ‍්‍රවණාගාරයක් තැනිය යුතුයි.
මේ කටයුත්ත ඇරඹුවොත් බොහෝ අය උදව් කරාවි. මෙය මේ සමුගැනීමත් සමග ඇරඹිය යුතු දෙයක්.‘

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment