කරුණා අම්මාන් අත්අඩංගුවට

කරුණා අම්මාන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකළ දැනුම්දීමකට අනුව අද (29) පෙරවරුවේ එම කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණියේය.

ඔහු එහි කැඳවා තිබුණේ රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව සිදුකෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

ඒ අනුව අදාළ චෝදනාව යටතේ ඒ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment