හලාවත කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතකයින් දැලේ

හලාවත කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතකයින් දැලේ

මෙයට මාස එකහමාරකට පමණ පෙර හලාවත - වට්ටක්කලිය ප්‍රදේශයේදී කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 03දෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ එම ඝාතනය සඳහා යොදා ගත් බවට සැක කෙරෙන තියුණු ආයුධ කිහිපයක් සහ සැකකරුවන් පැමිණි බවට සැලකෙන මෝටර් රථ 3ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

සැකකරුවන් මහනුවර - හාරගම, දිඹුලාගල සහ හලාවත - තිත්තකඩේ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඔක්තෝම්බර් මස 03 වැනිදා මෙම කෝටිපති ව්‍යාපාරිකයා නිවසේ සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඔහුව ඝාතනය කර පලාගොස් තිබුණි.

මියගිය ව්‍යාපාරිකයාගේ  සිරුර නිවසේ ඇඳක් මත තිබියදී හමුවූයේ අත් පා සහ මුඛය රෙදි පටිවලින් ගසා තිබියදීය.

මෙලෙස මිය ගිය 44 හැවිරිදි ව්‍යාපාරිකයා දෙදරු පියෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයා සතු මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කෑමේ අරමුණින් මොවුන් නිවසට ඇතුළු වූ බවයි.

එහෙත් ඔහුගේ නිවස තුළ කිසිවක් නොමැතිවීම හේතුවෙන් මෙම ව්‍යාපාරිකයා ඝාතනය කළ බවද සැකකරුවන් ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment