ලංකාවේ මස් කෑම අඩුවී මාළු පරිභෝජනය ඉහළ ගිහින්


මෙම වසරේ (2016) දෛනික ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ග්‍රෑම් හතළිස් හයයි දශම හත දක්වා (46.7) ඉහළ ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය විසින් කරනු ලැබූ සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

පසුගිය වර්ෂ හා සංසන්දනය කරන විට 2013 දී ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය දිනකට ග්‍රෑම් 41.3ක් හා 2014 වර්ෂයේදී ග්‍රෑම් 42.9කි. එමෙන්ම 2015 වර්ෂයේ එම මට්ටම ග්‍රෑම් 43.2කි.

මෙම වර්ෂයේ මත්ස්‍ය පරිභෝජනය ඉහළ යෑමට හේතු වූ කරුණු අතර මෙරට මත්ස්‍ය අස්වැන්න ඉහළ යෑම මෙන්ම,

බොහෝ පාරිභෝගිකයන් මස් අනුභවයට වඩා මත්ස්‍ය පරිභෝජනයට නැඹුරු වී සිටීම යැයි ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.

මිනිසාට දෛනිකව අවශ්‍ය වන සමස්ත ප්‍රෝටීන් ප්‍රමාණයෙන් බහුතරයක් මත්ස්‍ය පරිභෝජනය මඟින් ලබාගත හැකිවීමත් මෙයට හේතු වී තිබේ. මිනිසාට වාර්ෂිකව අවශ්‍ය වන සමස්ත ප්‍රෝටීන අවශ්‍යතාව මත්ස්‍ය පරිභෝජනය තුළින් ලබා ගැනීමට අඩු තරමින් වර්ෂයකට මාළු කිලෝග්‍රෑම් 24ක්වත් පරිභෝජනය කළ යුතු වුවත්, දැනට අප රටේ එම මට්ටම කිලෝග්‍රෑම් 12-15ත් අතර ප්‍රමාණයක පවතින බව ධීවර අමාත්‍යාංශය විසින් කළ
සමීක්ෂණවලදී හෙළිදරවු වී ඇත.

ගාල්ල-කේ.ඒ.එස්. කුමාර, ලලිත් රුහුණගේ
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment