බිරියට අරක්කු බොන්න පුරුදු කළ නාවික සෙබළා බේබදුකමින් බිරිය බේරගන්න පොලිසි ගිහින්


අධික ලෙස බීමත්කමට හුරු වී තම දරුවන් ගැන සොයා නොබලා මත්පැන් බීමට වෙනත් තැන්වලට යන නිසා තම බිරියට අවවාද කොට ඉන් මුදා දෙන ලෙස නාවික හමුදා සෙබළකු තඹුත්තේගම පොලිසියේ සුළු පැමිණිලි අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
එය විභාග කළ සුළු

පැමිණිලි අංශයේ ස්ථානාධිපති පො.ප. රවීන්ද්‍ර ජයතිස්ස මහතා අදාළ කාන්තාවට කොතෙක් අවවාද කළද තමන්ට ඉන් මිදීමට නොහැකි බව ප්‍රකාශ කොට ඇත. මෙම කාන්තාව 31 හැවිරිදි දෙදරු මවකි. ප්‍රේම සම්බන්ධතාවක් මත මීට වසර 12කට පමණ පෙර මොවුන් විවාහ වී තිබේ. හමුදා සෙබළා නිවාඩුවට නිවෙසට පැමිණෙන අවස්ථාවලදී මත්පැන් රැගෙන පැමිණ තම බිරියටද මත්පැන් පානය සඳහා ආරාධනා කර ඇති අතර ඇය විසින් මුලින් එය ප්‍රතික්ෂේප කොට පසුව ඔහුගේ බල කිරීම මත මත්පැන්වලට ඇබ්බැහි වී තිබේ.

තම සැමියා නිවාඩු අවසන් වී රාජකාරියට ගිය අවස්ථාවලදී මත්පැන් පානයට ඇබ්බැහි වූ මෙම කාන්තාව විවිධ ස්ථානවලට ගොස් මත්පැන් පානය කරන බව පොලිසියේදී අනාවරණය වී ඇත.

මත්පැන් පානයේ ආදීනව පිළිබඳවත්, එහි ඇති පාපකාරී තත්ත්වයත්, දරුවන්ගේ වටිනාකම පිළිබඳවත් ධර්මදේශනා ඇසුරින් උදාහරණ ගෙනහැර පාමින් කොතෙක් පහදා දීමට පො.ප. රවීන්ද්‍ර ජයතිස්ස මහතා උත්සාහ කළත් තම සැමියාම තමන්ට මත්පැන් පානය හුරු කළ නිසා තමන්ට ඉන් මිදීමට නොහැකි බව ඇය පවසා ඇත. පවුලක ඇති වටිනාකම පිළිබඳ දුරදිග නොබලා මිනිසුන් කරන පහත් දේ නිසා සමාජයට සිදුවන හානිය පිළිබඳව කනගාටු වන බව පොලිස් පරීක්ෂකවරයා පැවැසීය.

රාජාංගණය - කේ.එම්. චන්දික
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment