තිස්ස අත්තනායකගේ ඇප ඉල්ලීම ඉවතට - යළි රිමාන්ඩ්

තිස්ස අත්තනායකගේ ඇප ඉල්ලීම ඉවතට - යළි රිමාන්ඩ්

පසුගිය ජනාධිපතිවරණ සමයේ කූඨ ලේඛනයක් ප්‍රසිද්ධ කළැයි රිමාන්ඩ් බාරයේ සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු ලේකම් තිස්ස අත්තනායක මහතා ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතීඥවරුන් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද(04) ප්‍රතික්ෂේප කළාය.

මෙම නඩුව මෝසමක් මගින් කැඳවිණි.

අත්තනායක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය හා ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය විශේෂ කරුණු ලෙස සලකා ඇප ලබා දෙන ලෙස ඔහුගේ නීතීඥවරු ඉල්ලා සිටියහ.

තිස්ස අත්තනායක හිටපු මන්ත්‍රීවරයා ලබන දෙසැම්බර් 5 වෙනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment