අංකුඹුර පාර අයිනේ සිටි දෙදෙනෙකුට සිදු කළ වෙඩි තැබීම CCTV


බිස්නස් හුටපටයකට එක් අයෙකු මරණයට පත් කළ
අංකුඹුර පාර අයිනේ සිටි දෙදෙනෙකුට සිදු කළ වෙඩි තැබීම CCTV

පසුගියදා මහනුවර අංකුඹුර, බැබිලගොල්ල ප්‍රදේශයේදී පාරක් ආසන්නයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකුට එකවර පැමිණි මෝටර් රථයක සිට සිදු කළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලැබුවා.
මෙම වෙඩි තැබිම සිදු කළ බවට සැක කරන සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයෙකු
වෙඩි තැබිම සිදු කළ ස්ථානයේ සිට කිලෝ මිටර් 04ක් පමණ


දුරින් පිහිටි කබල්ගස් තැන්න නැමැති ප්‍රදේශයේදි මහජනතාවගේ සහයෝගය මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු සතුව තිබී වෙඩි තැබිමට උපයෝගි කර ගත් බවට සැකකරන ටි 56 ගිනි අවියක් සහ එම උණ්ඩ 20ක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු  වයස අවුරුදු 30ක් වන මොහොමඩ් අලි නැමැති නුවර, මහයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ.
මිය ගිය හා තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනාද මුස්ලිම් ජාතිකයින් වන අතර මෙම සිද්ධිය ව්‍යාපාර අමනාපයක් මත සිදු වු බව අනාවරණයවී ඇත.

සිද්ධිය අවස්ථාවේ CCTV වීඩියෝව පහතින්
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment