වැටුප 95000 වුවත් ලබන වසරට ජනාධිපති වෙනුවෙන් කෝටි 649ක් අයවැයෙන් වෙන් කරයි.. දිනකට එක් කෝටි 77 ලක්‍ෂයයි..

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පසුගියදා පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ රටේ සිටින්නේ එක ජනාධිපතිවරෙයෙක් පමණක් බවත් ඔහුගේ වැටුප සියලු දිමනා ඇතුළුව රුපියල් 95000 ක් වැනි අඩු මුදලක් වුවත් මෙවෙනි අවස්ථාවක එය වැඩි කර ගැනීමට කිසිම උත්සහයක් නොගන්නා බවයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්වූ පලමු වසරේදීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් 2015 වසරට වෙන්කොට තිබු මුදල් කපා හැර 2016 වසර සඳහා රුපියල් කෝටි 239 ක් ලෙස වෙන් කරනු ලැබීය.

එහෙත් 2016 සඳහා ජනාධිපති වැය ශීර්ෂයට වෙන් කල බිලියන 2.39ට සාපේක්ෂව 2017 සඳහා රුපියල් බිලියන 6.4ක් එනම් කෝටි 640 ක් වෙන් කොට ඇත. ජනාධිපතිවරයා සිය වැටුප හා දීමනා ලෙස 95000ක් ලබා ගන්නේ සිය පවුල කාර්යය මණ්ඩලය උපදේශකයින් මාලිගා මන්දිර වාහන සහ අනිකුත් වියදම්වලට අමතරවයි.




Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment