අවම රථ වාහන දඩයට විරෝධය පළ කරමින් ත්රී රෝද රථ වෘත්තිකයින් පිරිසක් අද (02) කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිටින් ආරම්භ කළ පෙළපාලිය මේ වනවිට කොළඹ - කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ ඇති අතර ඒ හේතුවෙන් ලෝටස් පාරේ අධික රථවාහන තදබදයක් ඇතිවී තිබේ.
ඔවුන් කොළඹ පුරහල ඔස්සේ කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි අතර, මේ හේතුවෙන් කොළඹ - ලෝටස් මාර්ගය රථ වාහන ගමනාගමනය සදහා තාවකාලිකව වසා දැමීමට පොලිසිය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස මාර්ගය අවහිරව ඇති හෙයින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මුන්ගේ බොරු කයිය විතරයි. ඔක්කොම එවුන් අද හොරෙන් හොරෙන් හයර් දිව්වා. දවස් පහක් ස්ට්රයික් කලොත් මුන් හාමතේ මැරෙනවා. ඕනේ තරම් ස්ට්රයික් කරපල්ලා කියලා ආණ්ඩුව අහක බලාගත්තා නම් මුන් බල්ලෝ වගේ ආපහු වැඩ කරනවා.
ReplyDelete