රුසියානු කතට අතවර කළැයි කී කොස්තාපල් රිමාන්ඩ්

රුසියානු කතට අතවර කළැයි කී කොස්තාපල් රිමාන්ඩ්

ගල්කිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටි රුසියානු කාන්තාවකට අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇමති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙක් 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අනෙක් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හැරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

අදාළ කාන්තාව, ගල්කිස්ස වෙරළතීරයේ දිය නාමින් සිටියදී ඊයේ (28) සන්ධ්‍යාවේ මෙම සිද්ධියට මුහුණ දී ඇත. 

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණේ වෙරළ තීරයේ ආරක්ෂාවේ යෙදී සිටි ජීවිතාරක්ෂක නිලධාරීන්ට ඇය සිදුකළ දැනුම් දීමකට අනුවයි. 

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment