ඕස්ට්‍රේලියා ගිය අසංක ගුරුසිංහ ලංකාවට ගෙන්වා ක්‍රිකට් කළමනාකරු කරන්න යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස අසංක ගුරුසිංහ පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.
පසුගියදා විස්සයි 20
තරගාවලිය අතරතුර මෙල්බර්න්හිදි පැවති රාත්‍රී සාදයේදී අසංක ගුරුසිංහ ලංකාවේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා නිලධාරීන් හමුවීමෙන් පසු මෙම යෝජනාව කරළියට පැමිණ තිබේ.
ඇමති දයාසිරි හා තිලංග සුමතිපාල ඔහුට ලංකාවට ඇවිත් වැඩ කරන්නැයි සෘජුවම උපදෙස් දී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ සාකච්ඡා මේ වන විට සියයට 60 කින් පමණ සාර්ථක වී ඇති බවයි.
ඒ අනුව ඔහු කළමනාකර තනතුර බාර ගැනීම සඳහා කැමැත්තෙන් සිටින බවත් වාර්තා වෙයි.
1996 වසරේ ලෝක කුසලානය ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු මෙන්ම සුපිරි පිතිකරුවෙකු ද වූඅසංක ගුරුසිංහ පසුකාලීනව ඇතිවූ කැපිලි කෙටිලි බලබලා නොසිට ඔස්ට්‍රේලියාවේ පදිංචිව ක්‍රිකට් පුහුණු කරුවෙකු හා උපදේශකයෙකු ලෙස සේවය කරමින් සිටියේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment