සමීර සර් කිව්ව නිසා වාහනේට වෙඩි තැබු සැකකරු ඇඹිලිපිටියේදී මාට්ටු


මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී  සමීර සේනාරත්නගේ වාහනයට වෙඩි තබා ඔහුට ආරක්ෂාවක් නැති බව රටට හැඟවීමේ ව්‍යාජ රංගනයක නිරතවූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු පිස්තෝලයක්, රිවෝල්වරයක් සහ වෙඩි තැබීමට පැමිණි බව කියන යතුරුපැදියක් ද සමගින් ඊයේ අත්අඩංගුවට ගැනිණ.
වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්
අත්අඩංගුවට ගත් ඔහු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මීට අමතරව සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන යුධ හුමුදා විශේෂ බලකායේ හිටපු සෙබළෙකුද මේ වනවිට  රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.
ප්‍රධාන විධායක නිලධාරියාට ජීවිත අවදානමක් ඇති බවට හුවා දැක්වීම සඳහා ව්‍යාජව සැලසුම් කරන ලද්දක් බව දැනට හෙළි වී තිබේ.
සැලසුමට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රාදේශීය සභා මන්‍ත්‍රීවරයෙකු සහ පළාත් පාලන අායතන රියැදුරුවරයෙකු ද අත්අඩංගුවට ගැනීමට නියමිතය. එම දෙදෙනා මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.
අදළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සමීර සේනාරත්න සමීප ආශ්‍රය කළ අයෙකු බවද හඳුනාගෙන ඇත. ඊයේ දිනයේදී සමීර සේනාරත්නගෙන් ද පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment