පුද්ගලික සමාගමක් උල්පත කැඩූ නිසා වටවල රෝහලට මාස 3 ක් වතුර නෑ



මාස තුනක පමණ කාලයක සිට වටවල රෝහලට ප්‍ර‍මාණවත් ජල පහසුකම් නොමැති නිසා රෝහලේ දෛනික කටයුතු පවත්වාගෙන යාමට නොහැකිව දැඩි අපහසු තවයකට පත්ව ඇතිබව රෝහල් කාර්ය මණ්ඩලය පවසති.මෙම හේතුව නිසා නේවාසිකව ප්‍ර‍තිකාර ලැබිය යුතු රෝගින් බෙහෙත් ලබාදි  පිටත්කර යැවිමට සිදුව ඇති බවද පවසන අතර මෙම තත්ත්වය හමුවේ රෝහල පවත්වාගෙන යාම දැඩි අසිරූ බව වෛද්‍යවරු  පවසති.

මධ්‍යම පළාත් සෞඛ්‍ය
දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන වටවල දිස්ත්‍රික් රෝහල යනු ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් සදහා සෞඛ්‍ය පහසුකම්  ලබාගැනිමට ඇති රජයේ රෝහලකි.
මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ පසුගිය ජනවාරි මාසයේ සිටය.රෝහල සදහා ජල පහසුකම් ලබාගනු ලැබුවේ  ඒ වෙනුවෙන්ම වෙන්වුන උල්පත් මාර්ගයක් තුලින්ය . වටවල නගරයෙන් ඉහලට සමන්පුර ජනපදය දෙසට යන මාර්ගයක් සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතියක් බාරව ක්‍රියා කරන පෞද්ගලික සමාගම රෝහලට ජලය සපයන නල මාර්ගයට හානි සිදු කර ඇත.
එම සමාගම ජල සැපයුම් මාර්ගය පිළිසකර නොකරන නිසා රෝහලට ජල පහසුකම් සැපයිම මුළු මනින්ම ඇණ හිට ඇත.
 පුද්ගලික සමාගමේ ව්‍යපෘතිය බාර ඉංජිනේරු වරයා පවසා ඇත්තේ රෝහලට ජලය සපයන නලමාර්ගය සම්බන්ධව ගැටළුවක් පවතින බවත් සමාගම ඉදිකිරිම් නිමා විමෙන් පසු නව නල පද්ධතියක් යොදමින් රෝහලට ජලය සැපයිම යථා තත්ත්වයට පත් කිරිමට සැලසුම් කර අති බවකි. නමුත් මාස 3 ක් තිස්සේ එය ඉටු කර නැත.

හැටන් - චන්දන ජයවීර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment