හෙද වර්ජනයක් නිසා හෙට යළි රෝහල් අඩපණ වන ලකුණු

හෙද නිලධාරීන්ට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකිරීමට එරෙහිව හෙට (03දා) උදේ 7.00 සිට
පැය 48ක කාලයක්
හෙද වැඩවර්ජනයක් සිදුකරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කරයි.
වැටුප් විෂමතා ඉවත් නොකිරීම පොරොන්දු වූ ආකාරයට දීමනා ලබානොදීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය සිදුකරන බවද එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කළහ.
මේ අනුව හෙට උදේ 7.00 සිට 15 වැනිදා උදේ 7.00 දක්වා මෙම වර්ජනය සිදුකරන බවද උන්වහන්සේ අවධාරණය කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment