රත්නායක පවුල් ප්‍රශ්නයෙන් පසුව පුතුන් සමග ප්‍රසංගත් නවතී


රත්නායක පවුල් ප්‍රශ්නයෙන් පසුව 
පුතුන් සමග ප්‍රසංගත් නවතී

පසුගිය සතිය අග මහ කලබගෑනියක් ඇති කළ වික්ටර් රත්නායකගේ අලුත් විවාහය සම්බන්ධයෙන් පුත් ලෙලුම් රත්නායක හෙළිදරව් කළ කතාව මේ වනවිට විවිධ විවේචන මැද සාකච්ඡාවට බඳුන්වේ.
ප්‍රවීණ ගායකයාගේ වත්කම් සොරාගන්නට ඔහුට වඩා බෙහෙවින් ළාබාල කාන්තාවක දැරූ ප්‍රයත්නයක් ලෙස මෙම සිද්ධිය ප්‍රකාශ විය.වික්ටර් රත්නායක පවුලේ පුතුන් දෙදෙනා වන ලෙලුම් හා ජයන්ත දෙදෙනාම මේ කාරණාව සම්බන්ධයෙන් එක් මතයක සිටින අතර
දියණිය හා පවුලේ අයද මෙම තීරණය සම්බන්ධයෙන් විරුද්ධව සිටී (වික්ටර්ගේ තවත් දියණියක් පසුගිය වසරේ මියගොස් තිබුණි)
මේ හේතුවෙන් පසුගිය කාලයේ ආරම්භවූ වික්ටර් හා පුතුන් අතර ප්‍රසංග මාලාවද ඇණ හිට තිබේ.
වික්ටර් රත්නායක වසර 39 ක් තිස්සේ ‘ස‘ ප්‍රසංගය පවත්වා ලෝක වාර්තා තැබූ

අයෙකු වන අතර ඒ නිසා සිය දස්කම් මත විශාල වත්කමක්ද ඉපයූ විශිෂ්ට ගායකයෙකි. ඔහු 2015 වසරේ සිට ‘වී2‘ සහ ‘ත්‍රිමානි‘ ආදී නම් වලින් සිය පුතුන් වන ජයන්ත හා ලෙලුම් සමග ප්‍රසංග මාලාවක් අරඹා තිබුණි. එමගින් පුතුන්ද සිය පියාගේ නාමයෙන් කීර්තිය හා වත්කම් ඉපයූ නමුත් මෙම ප්‍රශ්න හමුවේ ඒවා ඇණ හිට තිබේ.

පුතුන්ගෙන් වෙන්වයාමේ තීරණය ප්‍රකාශ කරද්දී සිය සංගීත කටයුතුවලට මෙ ප්‍රශ්න අදාළ කර නොගමු යයි වික්ටර් යෝජනා කළද ඇතිව තිබෙන අර්බුදය හමුවේ ලෙලුම් සිදු කළ ක්‍රියාව ‘උඩ බලාගෙන කෙළ ගැසීමක්‘ ලෙස පෙනී ගිය අතර මේ නිසා තවදුරටත් ඔවුන් අතර විරසකය වර්ධනය වන්නට කරුණු පෑදිණි.

මෙම පවුල් ගැටලුව සමාජ මාධ්‍ය වෙත පවුලේ අය විසින්ම වීඩියෝ හා ඡායාරූප සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීම නිසා මාධ්‍ය තුළද කථාබහට ලක් වූ අතර මේ නිසා ලංකාවේ අතිමහත් ගෞරවයක් ඇතිකරගෙන තිබූ අතළොස්සක්වූ ගායකයින් අතර වික්ටර් රත්නායකට හිමිව තිබුණ තැන නැවත ප්‍රශ්න කිරීමට ලක්ව තිබේ.
ඔහුගේ නිර්මාණ වලට පුද්ගලික ජීවිතය අදාළ නොවූවද ලංකාවේ සංස්කෘතිය තුළ ගෞරවය හා පිළිගැනීමට ලක්වන අයගේ චරිතය ගැන සාම්ප්‍රදායික සමාජ ආකල්ප හැමවිටම බලපෑම් කරයි.
වික්ටර් හරිද වැරදිද යනුවෙන් අප විසින් විමසන්නට යෙදුණ පැනයට කටහඩින් අදහස් දැක්වූ බාගයට බාගයක් දෙපසටම දෝලනය වන අදහස් දැක්වීම තුළින්ද ඒ බව තහවුරුවේ.
එම අදහස් අසන්න මෙතැනින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment