පාලන මිල ඉවත් කළ නිසා කුකුළු මස්‌ මිල ඉහළ යන ලකුණු


බ්‍රොයිලර් කුකුළු මස්‌ සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමේ ගැසට්‌ නිවේදනය නිකුත් කිරීමට නියමිත බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති
රිෂාඩ් බදියුදීන්

මහතා පවසයි.
සම සහිත කුකුළු මස්‌ කිලෝවක්‌ සඳහා පනවා තිබූ පාලන මිල රුපියල් 410.00 ක්‌ වූ අතර සම රහිත කුකුළු මස්‌ කිලෝවක්‌ සඳහා පනවා තිබූ පාලන මිල රුපියල් 490.00 කි. එම පාලන මිල ගණන්  ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් පසු මිල ගණන් ඉහළ යනු ඇත.
මෙතෙක්‌ සුදු සීනි සඳහා පනවා තිබූ රු. 93.00 ක පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කිරීම නිසාද සීනි මිල ඉහළ ගොස් තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment