යන්න කිව්වත් නොගිය දිනේශ් පාර්ලිමේන්තුවෙන් එළවන්න කතානායක පොලිසිය කැඳවලා

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පිළිගැනීමට හැකියාවක් නැතැයි කථානායක
කරූ ජයසූරිය මහතා විසින් කරන ලද ප්‍රකාශය හමුවේ දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දිගින් දිගටම පාර්ලිමේන්තු සභාවේ කටයුතුවලට බාධා එල්ල කිරීම හේතුවෙන්
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට

පාර්ලිමේන්තු සභා ගර්භයෙන්  ඉවත් වන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා විසින් නියෝගකර තිබේ.
ස්ථාවර නියෝග 74(1) වගන්තිය යටතේ මෙම නියෝගය ලබා දී තිබුණත් ඔහු එය ගණනකට නොගෙන දිගටම ආසනයේ සිටිමින් කලකෝලහල කළේය.
 මේ තීරණය සමබන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්විය යුතු බවට ඇතැමුන් යෝජනා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ ඡන්දයක්ද පවත්වා එහිදී වැඩි ඡන්දය හිමි වී ඇත්තේ දිනේෂ ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් ඉවතට යැවිය යුතුය යන්නයි.
ඒ අනුව ඔහුට සතියකට පාර්ලිමේන්තුව තහනම් විය.
ඔහු ඒ අවස්ථාවේත් නොගිය නිසා පොලිසිය කැඳවා ඉවත් කරන්නට සිදු විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment