කෝච්චියෙදි සුදු කෙල්ලගෙ ටැබ් එක ඉස්සූ තරුණයා වසර එකහමාරක් සිරගෙට


දුම්රියේ ගමන් ගනිමින් සිටි විදේශිය සරසවි සිසුවියගේ ටැබ් පරිගණකය සහ ගමන් බලපත්‍රය ඇතුළු ගමන්
බෑගය සොරකම් කළේ
යැයි කියන චෝදනාවකට වරදකරු වූ විත්තිකරුවකුට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය වසර එකහමාරක සරල සිරදඬුවමක් සහ රුපියල් 3,000ක දඩයක් නියම කළාය.

මහෙස්ත්‍රාත්වරිය එලෙස සිරදඬුවම් නියම කරනු ලැබුවේ විත්තිකරුගේ පෙර වැරැදි සලකා බැලීමෙන් අනතුරුවයි.
එලෙස දඩ සහ සිරදඬුවම් නියම වූයේ මලිත චතුරංග නමැති තරුණයකුටයි.
විත්තිකරුට වෙනත් අධිකරණයකින් වසර 5කට අත්හිටුවූ සිරදඬුවමක් නියම කර ඇති බව විත්තිකරුගේ පෙර වැරැදි වාර්තාවෙන් අනාවරණය වූ අතර ඔහු මෙම වරද සිදුකර ඇත්තේ එලෙස අත්හිටුවූ සිරදඬුවම් විඳිමින් සිටියදීය.

මහනුවර මහාධිකරණය විසින් ඔහුට 2012 වසරේදී අතිහිටුවූ සිරදඬුවම් නියම කර තිබිණි.

(අමිල අබේරත්න)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment