පොලිතින් උරයකින් පානදුර පාරක දමා ගොස් තිබුණ බිළිඳා




පානදුර
ප්‍රධාන ගාලුපාරට සම්බන්ධ පටු පාරක් අසල නිවෙස ඉදිරිපිට කළු පැහැති පොලිතින් බෑගයක බහා දමා ගොස් තිබූ උපන් ගමන් යැයි සැලකෙන පිරිමි බිලිඳු ලේ කැටියකු පානදුර පොලිස් කාන්තා කාර්යාංශය මඟින් 10දා උදෑසන සොයාගෙන ඇත. ලේ තැවරී සිටි එම ලේකැටි බිලිදා පානදුර කේතුමතී කාන්තා රෝහලට කඩිනමින් භාර දී ඇත.
පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද දුරකතන ඇමතුමක් අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම ලේ කැටියාට අනතුරක් සිදුවීමට ප්‍රථම සොයාගෙන ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීම අගය කළ යුතු බව ප්‍රදේශවාසීහු පවසති.
කවුරුන් කෙසේ මෙම ලේකැටි පිරිමි බිලිදා දමා ගොස් ඇත්දැයි පොලිසිය තවදුරටත් පරීක්ෂණ මෙහෙයවයි. පානදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික තුෂාර සිල්වා මහතාගේ උපදෙස් මත පානදුර පොලිස් කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්ෂිකා ඉරේෂා කුමාරි, පොලිස් කොස්තාපල් ගයාත්‍රි (9374), කාන්තා පොලිස් කොස්තාපල් ගයනි (9922) පරීක්ෂණ මෙහෙයවති.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment