දෙවැනි සැරෙත් ගණං පේල් කියා අනුරාධපුර සිසුවෙක් කෝච්චියට පනී


ඊයේ ප්‍රතිඵල පිටවූ 2016 අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේදී තමන්ට දෙවැනි වතාවටත් ගණිතය විෂය සමත් කරගන්නට බැරිවීම මත කලකිරීමට පත්වූ අනුරාධපුර
ප්‍රදේශයේ තරුණයෙකු
ජාඇලදී දුම්රියට පැන සියදිවි නසාගෙන තිබේ.
 මෙම සිසුවාගේ මළ සිරුර ජා ඇල දුම්රිය මංසන්ධිය ආසන්නයේ දුම්රිය මාර්ගයෙන් තිබියදී ජා-ඇල පොලීසිය සොයා ගෙන තිබේ.
දේහය හමු වූ ස්ථානය අසළ ඔහුගේ මුදල් පසුම්බියක් හා ජංගම දුරකථනයක්ද ඇතුළත් බෑගයක් තිබූ අතර එහි හැදුනුම් පත අනුව අනුරාධපුරයේ මහරගග වැව ප්‍රදේශයේ පදිංචි චමෝද් ලලන්ත උදය නමති වයස 18 ශිෂ්‍යයෙකු මෙසේ මියගොස් ඇති බව හඳුනාගන්නට ලැබී තිබේ.
වැටී තිබු දුරකථනයෙන් මිතුරකු සම්බන්ධ කර ගෙන ඔහුගෙන් විස්තර ලබා ගැනීමේදී පවසා ඇත්තේ මිය ගිය සිසුවා අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ දී දෙවන වරටත් ගණිතය විෂය අසමත් වීම හේතුවෙන් කළ කිරීමකින් සිටි බවයි.
මෙම සිසුවාඅවසන් වරට  ඊයේ (28) දින සවස අනුරාධපුරයේ සිටි බවද මිතුරා පවසා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment