ආමි රොෂාන්ගේ බිරියගෙන් ගොසිප් ලංකා වෙත ලියුමක්

එයා දවස් දෙකින් නිදහස් වුණා
සමයං ඝාතනය ගැන වැරදි වාක්‍යයක් නිසා අපට ජීවිත තර්ජන
ආමි රොෂාන්ගේ බිරියගෙන්
ගොසිප් ලංකා වෙත ලියුමක්


පසුගියදා නෙත් එෆ්එම් ගුවන් විදුලි නාලිකාව මගින් සජීවී වැඩසටහනකට කැඳවා සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වූ පාතාල සාමාජිකයෙකු ලෙස ප්‍රකට රොහාන් ප්‍රදීප් හෙවත් ‘ආමි රොෂාන්‘ එසේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව අප වෙබ් අඩවිය මගින් ඒ ගැන හෙළිදරව් කර තිබුණි. මෙම සිදුවීම මාධ්‍ය කිහිපයකින්ද වාර්තා කර තිබුණි.
එසේ අත්අඩංගුවට පත්වූ ආමි රොෂාන් යුද හමුදාවෙන් වැඩිදුර පරීක්ෂණයට ලක් කිරීම සඳහා
පසුව යුද හමුදාව වෙතද භාරදී තිබූ අතර අප එයද වාර්තා කරන ලදි.
 ශිරෝමිකා දිල්රුක්ෂි නමැති ආමි රොෂාන්ගේ බිරිය ඊයෙ (28) දාතමින් අද(29) අප වෙබ් අඩවියට ලියුමක් එවා තිබෙන අතර එහි සඳහන් වන්නේ තම ස්වාමි පුරුෂයා එදින නෙත් එෆ් එම් නාලිකාවේ වැඩසටහනේදී අත්අඩංගුවට පත්වූ බව සැබෑවක් බවයි. එසේම ඔහුව දින දෙකකට පසු මුදා හැර තිබෙන බවද ඇය කියයි.
ලිපිය මගින් ඇය කියා සිටින්නේ සිද්ධිය පිළිබඳ අපගේ වාර්තාවේ සඳහන් දෝෂ සහිත එක් වාක්‍යයක් නිසා ඔවුන් අගතියට පත්වී ඇති බවයි.
‘සමයං ඝාතනය ඉතා හොඳ ක්‍රියාවක් බව පවසා ඇති අතරම අංගොඩ ලොක්කා ඇතුලු කල්ලිය කර ඇති බවට තහවුරු කර තිබේ‘  යන්න එම වාක්‍යයි.
නෙත් එෆ් එම් මගින් පළ කර තිබෙන පටිගත කළ හඬ පටියේ එවැන්නක් නැති අතර ඒ අනුව තර්ක කරමින් ඇය කර ඇති ප්‍රකාශය සත්‍යයකි.
ඇය ඒ අනුව ඇයට තිබෙන අන්තරාය මෙසේ දක්වා ඇත.
‘මෙම වාක්‍යය නිසා
1.සමයංගේ පාතාල කල්ලියෙන් තම ස්වාමියාට, තමාට මෙන්ම දරු තිදෙනාට ජීවිත තර්ජන එල්ලවනු ඇත.
2.සමයං ඝාතනය අංගොඩ ලොක්කා ඇතුළු කල්ලිය කර ඇති බවට වැරදි ලෙස කරුණු පළ කර තිබීම නිසා අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලියෙන්ද ජීවිත තර්ජන එල්ලවනු ඇත.
3.සමයං ඝාතනය ගැන වෙබ් අඩවියේ දක්වා තිබීම නිසා මාගේ ස්වාමි පුරුෂයා පොලිස් පරීක්ෂණ වලට ලක්විය හැක.‘ යනුවෙනි.

ආමි රොෂාන්ගේ බිරිය ගොසිප් ලංකා වෙත එවූ එම ලිපිය පහතින්



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment