අධික උණුසුම මැද ඇරඹි නව පාසල් වාරයේ සිසුන් දැනුවත් කිරීමට සෞඛ්‍ය උපදෙස්‌

දෙවැනි පාසල්වාරය අද දින (26 දා) ආරම්භ වුවත් පවත්නා අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය නිසා ඇතිවන අපහසුතා වළක්‌වා ගැනීමට පාසල් සිසුන් දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන්ට උපදෙස්‌ දී ඇත.
එහිදී පවත්නා
අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය නිසා ඇතිවන අපහසුතා වළක්‌වාගැනීමට පාසල් සිසුන් විශේෂයෙන් එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදවීම අවම කිරීමටත්, ජලය පානය කිරීමට සිසුන් යොමු කරවීම වැඩි කිරීමටත්, හිරු රශ්මියට ඔරොත්තු දෙන පරිදි හිස්‌වැසුම්, කුඩ ආදිය භාවිතයට පෙලඹවීමටත් විදුහල්පතිවරුන් විසින් කටයුතු කරන ලෙසද ඉල්ලා ඇත.

පානීය ජල පහසුකම් ලබාදීම සඳහා පාසල්වල පිහිටුවා ඇති ජල ටැංකිවල පවිත්‍රතාවය පිළිබඳව විශේෂ අවධානය යොමුකරන ලෙස අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට අවධාරණය කරන අතර පාසල් ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් හා පාසල් පරිශ්‍රය ආකර්ෂණීය සහ සුරක්‍ෂිත පරිසරයක්‌ බවට පත්කරගැනීමට විදුහල්පතිවරුන් විසින් පාසල් මට්‌ටමින් අඛණ්‌ඩ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරති.

(චමින්ද සිල්වා)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment