එක-දෙක ශ්‍රේණි වලටත් ඉංග්‍රීසි පෙළපොතක්


පළමුවැනි හා දෙවැනි  ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් සඳහා ඉංග්‍රීසි භාෂා පෙළ පොතක් හඳුන්වා දෙන
ලෙස අධ්‍යාපන
ඇමැති අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංග්‍රීසි හා විදේශ භාෂා අංශයට උපදෙස් දී තිබේ.
දැනට ඉංග්‍රීසි භාෂා පෙළ පොත සකස් කර ඇත්තේ 3 වැනි ශේ‍ර්ණියේ සිට ඉහළට පමණි.
පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම පුළුල් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවට තීරණය කර ඇති ඇමැතිවරයා ඊට සමගාමීව මේ පෙළපොත් සකස් කරන ලෙස උපදෙස් දී ඇත.ෙ
ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරුන්ගේ භාෂා ඉගැන්වීමේ ප්‍රවණතාව සංවර්ධනය සඳහා විශේෂ වැඩසටහන් සකසන ලෙසද ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

(දයා පෙරේරා)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment