බඳින්න පෙර Living together හොඳයි කියන ලක්ෂිකා හා ඕෂධී

 ලක්ෂිකා ජයවර්ධනගේ අදහස

Living together සංකල්පය පිළිබඳව තියෙන්නේ මොන වගේ අදහසක්ද?
එකට ජීවත් වෙනවා කියන එකනේ මේ කියන්නේ. මෙහෙමයි අපි ආදරය කරනවා නම් එය විවාහයෙන්ම
කෙලවර විය යුතු නෑ. එ් නිසා එකට ජීවත් වෙන්න විවාහ විය යුතුම නෑ මම දකින විදිහට නම්. මම නම්

මේ සංකල්පයට එකඟයි.

එතකොට විවාහය කියන සංකල්පය වැදගත්ම නැද්ද?


එයත් අවශ්‍යයි. මොකද අපේ ඇතැම් දේවල් රැුඳිලා තියෙන්නනේ මේ නිසා. පවුල කියන පදනම
ඇතිවෙන්නේ මේ නිසා. නමුත් Living together කියන සංකල්පයේද ගත යුතු දේවල් තියෙනවා.

මේ දෙක අතරින් වඩා හොඳ කුමක්ද?
විවාහ වූ දෙදෙනකුට වුණත් තේරුම් ගැනීම වැදගත් එකට ජීවත් වෙන්න. ඉතිං විවාහ නොවී වුණත් නිවැරදි
අවබෝධයෙන් යුතුව ජීවත් වීම තමයි වැදගත් වෙන්නේ. මොකද විවාහය කියන්නේ අත්සනක් පමණයි. මේ ලියන
බැඳීමට වඩා හදවතේ බැඳීම බලවත් දෙයක්. එ් බැදීම බිඳ දැමීම අපහසු දෙයක්.



--------------------------



ඕෂධි හිමේෂාගේ අදහස

Living together සංකල්පය ගැන මොකක්ද අදහස?
මට ඇත්තටම කියන්න තියෙන්නේ මෙය හොඳ දෙයක් කියලයි. මොකද දෙන්නෙක්ට අවබෝධ කරගන්න තියෙන ඉඩ
වැඩියි එකට ජීවත් වුණහම.

විවාහ වෙලා එකට ජීවත් වෙන විට තේරුම් ගන්න බැරිද?
මෙහෙමයි අද ලංකාවේ විතරක් නෙමෙයි ලොව පුරා දික්කසාදය වැඩිවෙලා තියෙනවා. ඇත්තටම එහෙම
විවාහ වෙලා පස්සේ ගැළපෙන්නේ නෑ කියලා දික්කසාද වෙනවට වඩා එකට ජීවත් වෙලා නොගැළපෙන
බව තේරුම් අරගෙන වෙන් වෙන එක හොඳයි.

මේ කාරණය අපේ රටේ සංස්කෘතියට ගැළපෙන්නේ නෑ කියන අදහස බරපතළ විදිහට තියෙනවා නේද?
මම නම් මේ සංකල්පයට කැමැතියි සහ ආසයි. අපේ රටේ සංස්කෘතිය අතින් අරගෙන බලද්දී මේක
නොගැළපෙන්න පුළුවන්. ඒත් මම මෙහෙම කියන්නේ එ් දිහා බලලා නෙමෙයි. දෙන්නෙක් අතර අවබෝධයක්
ඇති කර ගන්න එකට ජීවත් වෙන්න හැකිද කියන දේ තේරුම් ගන්න ලිවිංග් ටුගෙදර් ඉතාම හොඳ අවස්ථාවක්.


සටහන - නයනකේෂී විජේකෝන් (රිවිර)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment