සමයං මැරූ අංගොඩ ලොක්කා ඉන්දියාවේදී අත්අඩංගුවට

පසුගිය පෙබරවාරි 27 වනදා පාතාල කල්ලි නායක සමයං ඇතුලු 07 දෙනෙකු කළුතරදී වෙඩි තබා ඝාතනය කිරීමේ මෙහෙයුමේ මූලිකයා වූ බව කියන ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නැමැති
පාතාල කල්ලි
නායකයා ඉන්දියාවේදී අත්අඩංගුව ගැනීමට අද හැකිවූ බව පොලිසිය දන්වා සිටී. ඔහු සමග තවත් අයෙකුද අද අත්අඩංගුවට ගෙන ඇති අතර පෙරකී ඝාතනයෙන් පසු ඔහු ඉන්දියාවට පළාගිය බවට ලැබුණ තොරතුරු ඔස්සේ ශ්‍රීලංකා පොලිසිය ඉන්දීය පොලිසියේ සහාය ලබාගෙන මෙම වැටළීම සිදුකරවා තිබේ.
සැකකරුවන් රැඳී සිට ඇත්තේ ඉන්දියාවේ චෙන්නායිහිය. කළුතර වෙඩි තැබීම සිදු වූ දිනයේදීම හෝ ඊට ආසන්න දිනකදී සැකකරුවන් කල්පිටිය ප්‍රදේශයෙන් බෝට්ටුවක් මගින් ඉන්දියාවට පළා ගොස් ඇති බවද සොයාගෙන තිබේ.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔවුන් දෙදෙනා ව්‍යාජ ගමන් බලපත්‍රද සකස් කරගෙන සිටි බව හෙළි විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment