හොර නෝට්‌ටු දුන් විත්තිකරුගෙන් දුලංජලීට වන්දි ලැබේ

කූට ලෙස සකස්‌ කරන ලද රුපියල් 5000 මුදල් නෝට්‌ටු 503 ක්‌ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ
දියණිය වන
දූලාංජලී ජයකොඩි මහත්මියට ලබාදීම ඇතුළු අධි චෝදනා දෙකකට වරද පිළිගත් විත්තිකරුවකු රුපියල් ලක්‌ෂ 05 ක දඩයකට යටත්කොට වසර 5 කට අත්හිටවූ වසර දෙකක සිරදඬුවමක්‌ ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (22 දා) නියෝග කළේය.
පැමිණිලිකාර දූලාංජලී ජයකොඩි මහත්මියට රුපියල් ලක්‌ෂ 20 ක වන්දියක්‌ ගෙවන ලෙසටද, මහාධිකරණ විනිසුරුවරයා එහිදී විත්තිකරුට නියම කළේය. 2014.03.25 වැනිදා කොළඹ පාක්‌ වීදියේ දී එම ව්‍යාජ මුදල් ලබාදීම හා එම ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම සඳහා උපයෝගී කරගත් යන්ත්‍ර ඇතුල් කෝට්‌ටේ ප්‍රදේශයේ දී සන්තකයේ තබාගැනීම යන අධිචෝදනා දෙක යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව එම නඩුව පවරා තිබුණි.

(ඒ. ඡේ. ඒ. අබේනායක)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment