23 හැවිරිදි බොලිවුඩ් නිළියකගේ මළ සිරුර නිවසින් හමුවේ

23 හැවිරිදි ක්‍රිතිකා චෞද්‍රි නමැති බොලිවුඩ් නිළියකගේ මළසිරුරක් ඉන්දියාවේ
සුබුර්බන් අන්දීරිහි ඇගේ නිවසේදී හමුවී තිබේ. අධික දුර්ගන්ධයක් පවතින බවට අසල්වාසීන්ගේ
පැමිණිල්ල මත පොලිසිය විසින් ඇය වාසය කළ නිවසේ දොරගුළු කඩා විවර කර බැලීමේදී සිරුර ඊයේ (12) හමුවී තිබේ.
මෙය ඝාතනයක් වියහැකි බවට පොලීසිය සැක කරනඅතර ඝාතනය සිදුවී දින තුනක් හෝ හතරක් ගතව ඇති බවද සැක කරයි.

අම්බෝලි පොලිසිය පවසන්නේ තවමත් මිනීමරුවා හඳුනාගෙන නොමැති බව ය.
ක්‍රිතිකා චෞද්‍රි, හරිද්වාර්හි සිට පැමිණ රංගන වෘත්තීයේ නිරත වූ අතර වාසය කළේ මහල් නිවාසයක තනිවමය.
 මෑතකදී කන්ගනා රනෝත් සමග රඟපෑ ‘රජ්ජෝ’ නිසා ඇය ගැන කථාබහක් ඇතිව තිබුණි.





Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment