මියගිය වෙඩිසිංහ ජපානෙ යවා ප්‍රතිකාර කරන්න කෝටි 3ක් දෙන්න බැරිවීම ගැන - ඇමති දයාසිරි පහදයි


 පසුගියදා අනපේක්ෂිත අයුරින් ජීවිතයෙන් සමුගත් මෝටර් සයිකල් ශූර ආනන්ද වෙඩිසිංහ මහතා බරපතල රෝගී තත්වයෙන් ප්‍රතිකාර ලබද්දී ජපානයට රැගෙන යෑම සඳහා රුපියල් කෝටි 3කට අධික මුදලක් වැයවෙන බවට ගණන් බලා තිබුණ නමුත් ඒ සඳහා අවශ්‍ය මුදල් ජනපති අරමුදලින් ලබාගැනීමට හැකියාවක් නොලැබුණ
ආකාරය ඊයේ (04දා) කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදී ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පැහැදිලි කර තිබේ.

“ආනන්ද වෙඩිසිංහගේ මරණය ගැන මම බොහෝ කණගාටු වෙනවා. මම ඔහුව බොහෝ කලක සිට හඳුනනවා. මීට පෙර පැවති ෆොක්ස් හීල් තරගාවලියේදීත් මට ඔහුව මුණගැසුණා. එදා මම ඔහුට ත්‍යාගයකුත් ප්‍රදානය කළා. අනතුර දැනගත්තාම ඔහුව මහනුවර රෝහල වෙත ගෙන ඒමට අවශ්‍ය කටයුතු යෙදුවෙත් මම. ඉන්පසු දිනක මම ඔහුව බැලීමටත් ගියා. වෛද්‍යවරුන් පැවසුවේ ඔහුව ජපානය වැනි රටකට ගෙන ගොස් ප්‍රතිකාර කිරීම සුදුසු බවයි.
ආනන්ද
වෙඩිසිංහව ජපානයට රැගෙන යාමට රුපියල් තුන්කෝටි අනු ලක්ෂයක් අවශ්‍යවෙනවා. එතරම් මුදලක් ක්‍රීඩා අමාත්‍යංශය සතුවූයේ නෑ මං ජපාන තානාපතිතුමා සමගත් මේ ගැන කතා කළා.
නමුත් ඊට වඩා අඩුවෙන් ඒක කරන්න බැරිවුණා. කවුරු හරි ඉදිරිපත්වෙලා සුපර් ක්‍රොස් වැනි තරගාවලියක් සංවිධානය කළා නම් මේ මුදල හොයාගන්න තිබුණා.එතරම් මුදලක් ජනාධිපති අරමුදලෙන් ලබාගන්නත් පුළුවන්කමක් තිබුනේ නැහැ.
මෙය ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කළ තරගාවලියක් නෙවෙයි. මෙය සංවිධානය කර තිබුණේ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය විසින්. කෙසේවෙතත් මේවන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශකයකු වන මිල්ටන් අමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත්කර මේ පිළිබඳව අපි කරුණු සොයා බලනවා. විශේෂයෙන්ම වෙඩිසිංහ මහතා අනතුරට ලක්වූ තරගාවලියේ අනතුර සිදුවීමට හේතු වුනේ කුමක්ද? එහි වෛද්‍ය පහසුකම් සලසා තිබුණාද? ආරක්ෂක විධිවිදාන සලාසා තිබුණා ද කියන කාරණය පිළිබඳ මෙම කමිටුව විසින් සොයා බලනු ඇති.
 ආරක්ෂක විධිවිධාන සියයට සියයක් සපුරා නැති, ප්‍රථමාධාර පහසුකම් සියයට සියයක් නැති, ක්‍රීඩකයින්ට රක්ෂණ ආවරණයක් නැති තරග සඳහා ඉදිරියේදී අවසර නොදීමට අපි තීරණය කර තිබෙනවා.“
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment