ළඟදීම ලංකාවට අලුත් දුම්වැටි සමාගමක්

නව දුම්වැටි සමාගමක් රට තුළ ලියාපදිංචිය ලබා ක්‍රියාත්මක වීමේ අවදානමක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින්
දැනුම් දී ඇත.
රට තුළ පවතින නීතියේ හා බදු ප්‍රතිපත්තීන්හි අඩුලුහුඬුකම් භාවිත කරමින් මේ
කටයුත්ත වෙනස් මුහුණුවරක් ඔස්සේ ක්‍රියාත්මක වන බවට විශ්වාස කටයුතු වාර්තාවලින් දැනගන්නට ලැබී ඇති බව එම ලිපිය මඟින් පෙන්වා දී ඇත.
මේ අනුව කුරුඳු හා එනසාල් රස අඩංගු කළ දුම්වැටි ලෙස මේ නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණීමේ අවදානමක් මතුව ඇතැයිද එම ලිපියෙන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරවා ඇත.
මද්‍යසාර සම්බන්ධයෙන් වන රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව නැවත සිතා බැලිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හැඟීම බවත් ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාව තුළ අරක්කු කුඩා බෝතල් ලෙස අලෙවි වන ප්‍රමාණය ශීඝ්‍ර ලෙස ඉහළ යමින් තිබෙන අතර ඒ අනුව වසරකට මිලියන 3.6ක් අලෙවි වූ කුඩා අරක්කු බෝතල් සංඛ්‍යාව මේ වනවිට වර්ෂයකට මිලියන 9 දක්වා ඉහළ ගොස් ඇතැයිද එම ලිපිය මඟින් පෙන්වා දී තිබේ.
තම සංගමය විසින් ඉදිරිපත් කළ දස වැදෑරුම් යෝජනා මාලාව පිළිබඳ නැවත සිහිපත් කිරීම මේ මොහොතේ ජාතික වැදගත්කමකින් යුක්ත බව සඳහන් කරන එම ලිපිය මඟින් මෙම කරුණු පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා දිනයක් සහ වේලාවක් ඉල්ලා ඇත.
එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගේ අස්සනින් යවා ඇති ලිපියේ පිටපත් අගමැති ඇතුළු මුදල් හා සෞඛ්‍ය ඇමැතිවරු, සෞඛ්‍ය ලේකම්, ජාතික මද්‍යසාර හා දුම්කොළ අධිකාරියේ සභාපති, මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, ජීවක පදනමේ අධ්‍යක්ෂ වෙතද යවා ඇත.

(ජේ. ටී. ද සිල්වා)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment