කොල්ලූපිටියේ පොලිස් ක්වාටස් බිල්ඩිම කඩා වැටීමේ අවදානම නිසා පිරිස ඉවත් කෙරේ

කොල්ලූපිටිය 19 වන පටුමගේ පිහිටි පොලිස් නිලධාරීන්
සඳහා වූ නිවස්නයක්

(ක්වාටස්) කඩාවැටීමේ අවදානමක් ඇති බව ලක්ෂණ පහළවී එහි සිටි පිරිස් අද ඉවත් කරනු ලැබුවා.
මෙහි පොලිස් නිලධාරීන්ගේ පවුලේ උදවියද ඇතුළුව 300කට අධික පිරිසක් රැඳී සිට ඇත.
යාබද ඉඩමක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සිදු කෙරෙන කැණීම් හේතුවෙන් මෙම පොලිස් නිල නිවාසය ඉරි තැලීමකට ලක්ව ඇති බව හඳුනාගෙන ඇත.
පොලිස් මූලස්ථානය කළ දැනුම් දීම අනුව පිරිස වෙනත් තැනකට යොමු කර තිබේ.
පසුගියදා වැල්ලවත්ත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩාවැටීමේ සිද්ධියෙන් පසු මෙවැනි අවදානම් තත්වයන් ගැන ජනතාව දක්වන සැලකිල්ල වැඩිවී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment