ඇස් වකුගඩු හදවත දන්දී
ප්‍රදීප් කුමාර මිය ගොස් කළ මහා පින්කම
දිළිඳු මව්පියන් ලක්ෂ 6 ප්‍රතික්ෂේප කරලා
ලංකාවේ පළමු හදවත් බද්ධ සැත්කම සිදුවූ ආකාරය ගැන පසුගියදා මාධ්‍ය වාර්තා පළවූ අතරවාරයේ එම හදවත ලබාදුන් ප්‍රදීප් කුමාර තරුණයා ගැනද තොරතුරු යංතමින් කියැවිණි.
හදිසි අනතුරක් නිසා මොළය මියයාමෙන් පසු තවදුරටත් ප්‍රදීප්ගේ ජීවිතය නොපවතින බව තේරුම් ගත් මව පියා ඇතුළු ඥාතීන් මෙම පරිත්‍යාගය සිදු කරන්නට කැමැත්ත ලබාදී තිබුණි.
මහනුවර මාවිල්කුඹුර පදිංචිව සිටි මෙම තරුණයාගේ හදවත පමණක් නොව වකුගඩු දෙක ඇස් දෙකද ඔවුන් පරිත්‍යාග කරන්නට කැමැත්ත දී තිබුණි. විවිධ ආර්ථික අගහිඟකම් සහිත කටුමැටි සහිත රජයේ ඉඩමක පදිංචිව සිටි ඔවුන් තම එකම පුතුගේ හදිසි වියෝව වෙනුවෙන්
ඔහුට කරන උපරිම උපහාරයක් ලෙස එසේ කර තිබුණි.
මෙම පරිත්‍යාගයේ විශේෂත්වයක් නම් ශරිර අවයව වෙනුවෙන් ලක්ෂ 6 ක පමණ මුදලක් රෝහල මගින් ඔවුනට ලබාගැනීමට හැකියාව තිබුණත් තම දරුවා වෙනුවෙන් කරන පින්කමක් ලෙස සලකා ඔවුන් ඒ සඳහා සතයක්වත් ලබා නොගැනීමයි.
මියගිය ප්‍රදීප්ගේ පියා කම්කරුවෙකි. මව රැකියාවක් නොකරයි. ප්‍රදීප්ට සොයුරියන් දෙදෙනෙකි. වැඩිමල් සොයුරිය කලකට ඉහත විවාහවී වෙනම සිටින අතර ප්‍රදීප්ගේ නැගණියද පාසල් වැඩ හමාරවී නිවසේ සිටී. ආර්ථික අගහිඟකම් සහිත පවුලක එකම පිරිමි දරුවා වූ ප්‍රදීප් ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙළට පමණි. ඔහු ශ්‍රී රේවත විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා හමාර කර රැකියාවක් අපේක්ෂාවෙන් පසුවූයේය.
මේ අතරවාරයේ ඔහුට ගරාජයක වැඩ කරන්න පුහුණුවෙන්න එන්නැයි ඇරයුමක් ලැබී පසුගිය කාලයේ එම පුහුණුවීම් සඳහා පිළිමතලාව ප්‍රදේශයට යාම සිරිතක් කරගෙන සිටියේය. ඔහු සමග එම ස්ථානයේ පුහුණුවට ගියේ ඔහුගේ සොයුරියගේ සැමියාය. එම දෙදෙන මෝටර් සයිකලයකින් රැකියාවට යන අතරේ පසුගියදා ඩෙංගු මර්දන වැඩසටහනක් සඳහා ගමන් කරමින් තිබුණ රජයට අයත් වෑන් රථයක හැපී අනතුරක් සිදුවිය. මෙම අනතුරින් දෙදෙනාටම තුවාල සිදුවූ අතර ප්‍රදීප්ගේ තත්වය බරපතල විය.
මුලින්ම බඹරදෙනිය රෝහලටත් පසුව මහනුවර මහ රෝහලටත් මාරු කර යැවූ ප්‍රදීප් උපකරණ 7 ක් යොදවා විවිධ ආකාරයට ප්‍රතිකාර වලට බඳුන්වූ නමුත් මොළය මියයාම වළක්වාගන්නට බැරි විය. මහනුවර
ප්‍රදීප්ගේ මව මේ ගැන කියා තිබුනේ මෙසේය.
‘මට හරි දුකයි ඒ වුණාට එක අතකින් බලන කොට මට ගොඩාක් සතුටුයි.එයාගෙ හදවතින් අද තව කෙනෙක් ජීවත් වෙනවා.වකුගඩු වලින් තව දෙන්නෙක් ජීවත් වෙනවා. ඇස් දන්දුන්නට පස්සෙ ඇස් වලින් තව 4 දෙනෙක් එළිය දකිවි.අපිට ඒ ගැන ගොඩාක් සතුටුයි‘
0 comments :
Post a Comment