ආදරණීය ප්‍රින්ස් ප්‍රසංගය සාර්ථකයි රෝහල් බිල ආධාර වලින්ම කවර්

http://ift.tt/2uunWTT



ආදරණීය ප්‍රින්ස් ප්‍රසංගය සාර්ථකයි
රෝහල් බිල ආධාර වලින්ම කවර්

නැසීගිය ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත මියයන අවස්තාව වනවිට කොළඹ නවලෝක රෝහලේ රෝහල් බිල ලක්ෂ 25 ක් වූ අතර එය පියවීම මසක් ඇතුළත සිදු කරන පොරොන්දුව පිට ඔහුගේ දේහය නිදහස් කරගත් බව ඒ දිනවල වාර්තා විය.
ඉන් පසු කීර්ති පැස්කුවල් ප්‍රමුඛ ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය එම මුදල වෙනුවෙන් අරමුදල් රැස් කිරීමට ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් එක්කරගෙන
මහරගම

තරුණ සේවා සභා ශාලාවේ ඊයේ (14) ප්‍රසංගයක් පවත්වන ලදි. එම ප්‍රසංගය වෙනුවෙන් ගායක ගායිකා සහභාගීත්වය නොමිලේ සිදුවූ අතර ශාලාව, ප්‍රචාරණ කටයුතු ආදී සියල්ල ප්‍රින්ස් වෙනුවෙන් ලැබුණ පරිත්‍යාග ලෙස මුදල් නොගෙන සිදු කෙරිණි.

මෙම ප්‍රසංගයේ ආදායම කෙසේ වෙතත් උත්සවයට ආ අය ලබාදුන් ආධාර නිසාම අවශ්‍ය මුදල ආවරණය වූ අතර ප්‍රසංගයේ ආදායම එක්වූ විට මුදල් ප්‍රමාණය පමණටත් වඩා වැඩි විය. ඒ අනුව රෝහල් බිල පහසුවෙන්ම පියවීමට හැකියාව ලැබිණි.
මෙම සාර්ථක කටයුත්ත සංවිධානය කළ කීර්ති පැස්කුවල් ඒ ගැන මෙසේ ෆේස් බුක් සටහනක් තබා ඇත.

http://ift.tt/2uv3ySx

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment