බෑනා සමග අනියම් පෙමක පැටලුණ නැන්දම්මාට පොලිසියෙන් දැඩි අවවාද

කලකට පෙර සිය දිවිනසාගත් සැමියාගේ අඩුව පිරිමසා ගන්නට සිවුදරු මවක වූ සිය දියණියගේ සැමියා සමඟ අනියම් සබඳතාවක්‌ ගොඩනගා ගත් නැන්දම්මා කෙනකු පිළිබඳව හෙම්මාතගම ප්‍රදේශයේ එක්‌තරා ගමකින් වාර්තාවේ.
සැමියා මිය යැමට පෙර පිට ගමක
පදිංචිව සිටි බෑනා හා දියණිය ඇතුළු දරුපවුල සිය තනි නොතනියට මහ ගෙදරට ගෙන්වාගෙන කාලයාගේ ඇවෑමෙන් හතළිස්‌ නව හැවිරිදි නැන්දම්මා බෑනා සමඟ අනියම් සබඳතාවක්‌ ඇතිකරගෙන තිබේ.
මෙම අසම්මත පෙම් යුවළගේ අතුරුදන්වීම පිළිබඳව හයවැනිදා ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මකවූ හෙම්මාතගම පොලිසිය ඔවුන් දෙදෙනා කොටුකරගෙන ඇත.
පසුව දියණිය හා දරුවන් සිවුදෙනාද පොලිසියට ගෙන්වාගත් හෙම්මාතගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සනත් රංජිත් මහතා අහිංසක දරු පවුලකට තවත් ඛේදවාචකයකට මුහුණපෑමට ඉඩ නොතබා බෑනාගේ දරු පවුල සමඟ ඔහුගේ ගමේ පදිංචියට යන ලෙසටත් නැන්දම්මාට මහ ගෙදර පදිංචි වී තමන්ගේ වයසට ගැලැපෙන දෙයක්‌ කරගන්නා ලෙසටත් උපදෙස්‌ දුන්නේ තවත් අවවාද රැසක්‌ද සමඟිනි. මේ හැර සෑම සති අන්තයකම පොලිසිය වෙත පැමිණ පොලිස්‌ පොතේ අත්සන් තබා තම කල්කිරියාව පිළිබඳ සහතික වන ලෙසට ද නැන්දම්මාට  හා බෑනාට පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා නියෝග කළේය.

අරණායක - ගරුමුණි තිලකරත්න
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment