කුළුඳුල් දරු උපතේ සතුට දරාගත නොහැකිව හෘදයාබාධයෙන් මියගිය මව

විවාහ වී වර්ෂ ගණනාවකට පසුව ලද කුළුඳුල් දරුවා රෝහලේදී ලැබීමෙන් දරුවා මවට පෙන්වීමෙන් පසුව අධික ලෙස ඇතිවූ සන්තෝසය දරාගන්නට අපහසුවූ මවක මිය ගිය සිද්ධියක්‌ තඹුත්තේගම රෝහලෙන් වාර්තා
විය.

මෙලෙස මියගොස්‌ ඇත්තේ තඹුත්තේගම තෙල්හිරියාව පදිංචි තිස්‌ එක්‌ හැවිරිදි නගවැල්ලේ ගෙදර දිනූෂිකා සඳමාලි නමැත්තිය වෙයි. මෙවැනි මරණ කලාතුරකින් දහසකට එකක්‌ වශයෙන් සිදුවන බව මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු කළ අනුරාධපුර මහ රෝහලේ අධිකරණ
වෛද්‍ය එච්. පී. කරුණාතිලක මහතා පවසා සිටියි.

දරුවා රෝහලේදී මවුකුසින් ලැබෙන විටත් මව හොඳ තත්ත්වයෙන් සිටිය බව තඹුත්තේගම රෝහලේ වෛද්‍යවරු පවසති. ලැබුණු පිsරිමි දරුවා හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් සිටියි. ලය පැලී මියගිය මෙම මවගේ මරණ පරීක්‍ෂණ කටයුතු තඹුත්තේගම රෝහලේදී පවත්වා ඇති අතර මරණකාරියගේ පුරුෂයා වන පී. ජී. පී. බී. ගුරුගේ මහතා මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි ලබා දී තිබේ. මෙම මරණය හෘදයාබාධයකින් සිදුවූ මරණයක්‌ බවට තඹුත්තේගම නාගරික හදිසි මරණ පරීක්‍ෂක එන්. හිටිහාමි මහතාගේ තීරණය කළේය.

තඹුත්තේගම - සී. එම්. ආරියපාල

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment