වහලෙන් පෙරළී පිළිකන්නේ සිරවුණ ත්‍රීවීලරය

ත්‍රිවිලර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක වහලය හරහා පෙරලීමෙන් පිලිකන්නක සිරවී කාන්තාවක් තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිබේ.
හැටන් නගරයේ සිට -හැටන් ගාමිණිපුර ගම්මානය දෙසට ධාවනය කරමින් තිබු ත්‍රිරෝද රථයක් ගාමිණිපුර පිවිසුම් මාර්ගයෙදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 35 ක් පමණ පහලින් පිහිටි නිවසක වහලට මතට පෙරලි තිබේ.ඊයේ (09) පෙ.ව 10.30 ට පමණ මෙම අනතුර සිදුවි ඇති අතර ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි කාන්තාවක්
( 56) බරපතල තුවාල සිදුවීම නිසා දික්ඔය රජයේ දිස්ත්‍රික් මුලික රෝහලට ඇතුලත් කර තිබේ.
ත්‍රිරෝද රථය පෙරළිම නිසා එම නිවසේ වහලයට හා බිත්ති මෙන්ම ගෘහ භාණ්ඩ කිපයකටද හානි සිදුවි තිබේ.
අඩි 12 ක පමණ පළලින් යුතු එම මාර්ගය පටුවන අයුරින් ආරක්ෂිත තාප්පයක් ඉදිකිරිම නිසා එම ස්ථානයේ අනතුරු සිදුවන බව පවසන ගම් වාසින් මේ පිළිබදව හැටන් දික්ඔය නගර සභාවට දැණුම් දි ඇතත් ඔවුන් නිසි පියවර නොගැනිම නිසා ගම්වාසින් මෙලෙස අසිරූතාවයට පත්වන බව පවසයි.මෙම ස්ථානයේදිම ත්‍රිරෝද රථයක් අනතුරට පත්වුයේ දෙවන වරට බවද ජනතාව පවසයි.

හැටන් චන්දන ජයවීර



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment