පුත්තලමේ ලාබාල ඉංග්‍රීසි ටීචර් ගේ ඇඳුම් ගලවා අත් දෙක කපන්න හදන පන්ති භාර ටීචර්.

ටියුෂන් පන්තියට ළමයි නොඑන තරහට පාසල් ගුරුවරියක් එම පාසලේම තවත් ගුරුවරියකගේ ඇඳුම් ගලවා අත් දෙක කපන බවට තර්ජනය කිරීමේ සිද්ධියක් පුත්තමේ ප්‍රාථමික පාසලකින් වාර්තා වනවා.
එම පාසලේ උගන්වන ගුරුවරියක් විසින් එම පාසලේම උගන්වන ළාබාල ගුරුවරියකට සිදු කළ මේ තර්ජනය නිසා පාසලේ සියලුම බාහිර ක්‍රියාකාරම් හා අධ්‍යාපනය ද බිඳ වැටී ඇති බවටයි මවුපියෝ චෝදනා නගන්නේ.
අදාළ ළාබාල ගුරුවරිය පාසලේ ඉංග්‍රීසි විෂය උගන්වන අතර ඇයට තර්ජනය කළ ගුරුවරිය පාසලේ හතර A ශ්‍රේණිය භාරව කටයුතු කරනවා..
ඇය ප්‍රදේශයේම මහ විද්‍යාලයක වසර 20 ක සේවා කාලයකින් පසු 2012 වසරේදී මෙම ප්‍රාථමික පාසලට මාරුවක් ලබා ගෙන පැමිණ තිබේ. ඉකුත් දිනකදී මෙම ඉංග්‍රීසි ගුරුවරිය විසින් හතර ඒ ශ්‍රේණිය හා බී ශ්‍රේණියේ දරුවන් පන්ති කාමරයෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට සූදානම් වී පන්ති වාර්තා පොතද රැගෙන පිටව යෑමට සූදානම් වී තිබෙනවා..
ඒ අවස්ථාවේදී පන්ති කාමරයට පැමිණි පන්ති භාර ගුරුවරිය පවසා ඇත්තේ පංති වාර්තා පොත පංතියෙන් පිටතට රැගෙන නොයන ලෙසත් එසේ රැගෙන යෑමෙන් එය අපිරිසුදු වන බවත් අවශ්‍ය නම් කාලපරිච්ඡේදය අවසන් වී යළි පැමිණ අස්සන් තබන ලෙසත්ය.
ඒ අනුව ඇගේ අණට කීකරු වූ ළාබාල ඉංග්‍රීසි ගුරුවරිය අදාළ පාඩම උගන්වා අවසානයේ ළමයකු යවා පන්ති වාර්තා පොත ගෙන්වාගෙන එය අස්සන් කර තිබුණා.
ඊට පසු දින පාසලට පැමිණි පන්ති භාර ගුරුවරිය ඉංග්‍රීසි ගුරුවරිය පොතේ අස්සන් කළේ කෙසේදැයි නොදැන ඇය තම කබඩ් එක හොර යතුරකින් ඇර පන්ති වාර්තා පොත අස්සන් කර ඇති බවත්, කබඩ් එකෙහි තිබූ තවත් පොත්පත් සොරාගෙන ඇති බවත් චෝදනා කරමින් ඇගේ ඇඳුම් ගලවා අත් දෙක කපා දමන බවට තර්ජනය කර තිබෙනවා.
අදාළ ඉංග්‍රීසි ගුරුවරිය විසින් මේ පිළිබඳ පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණා.
මෙසේ තර්ජනය කළ ගුරුවරිය ශිෂ්‍යත්ව ළමයි සඳහා ටියුෂන් පන්ති පවත්වන අතර ඉංග්‍රීසි ගුරුවරිය විසින් පාසලේ සවස පන්ති පවත්වන නිසා සිදුවන බාධාව හේතුවෙන් එම ඉංග්‍රීසි ගුරුවරියගෙන් මෙසේ පළි ගන්නා බවටයි මවුපියෝ චෝදනා කරන්නේ. සිදුවීම වූ දිනට පසු දින සවසද මෙම ටියුෂන් පන්ති පවත්වන ගුරුවරිය හා එම පාසලේම ගුරුවරයෙක් පාසලට පැමිණ ළමයින් රැගෙන යෑමට එන මවුපියන්ට පවසා ඇත්තේ ඉංග්‍රීසි ගුරුවරිය විසින් පාසලේ පංති පැවැත්වීම නිසා ටියුෂන් පන්ති පැවැත්වීමට නොහැකි බවත් පසු දිනයේ සියලුම දෙනා පාසලට පැමිණ ඒ වෙනුවෙන් විරෝධයක් ප්‍රකාශ කරන ලෙසත්ය.
ඒ අනුව තම දරුවන්ගේ ටියුෂන් අයිතිය දිනා ගැනීම වෙනුවෙන් කිපුණු මවුපියන් කොටසක් පසුදා උදෑසන (23දා) පාසලට බලහත්කාරයෙන් ඇතුළු වී විදුහල්පතිතුමාටද තර්ජනය කර පරුෂ වචනයෙන් බැන පාසලේ අධ්‍යාපන කටයුතුවලට පවා බාධා වන අයුරින් කලහ කර තිබුණා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඒ අවස්ථාවේදීම පාසලේ විදුහල්පතිවරයා නවගත්තේගම පොලිසියේ ස්ථානාධිපතිතුමාට දන්වා පැමිණිල්ලක් දමා ඇති අතර ස්ථානාධිපතිවරයා පැමිණ මවුපියන් පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment