මාලිංග 2023 තෙක් ක්‍රීඩා කරන්න සුදානම්.


තමන් 2013 තෙක් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික එක්දින නායක ලසිත් මාලිංග පවසයි. ඉන්දියාව හා හෙට (31දා) පැවැත්වීමට නියමිත සිවුවැනි එක්දින තරගයට පෙරාතුව පැවැති මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ බව පැවැසීය.

තෙවැනි හා සිවුවැනි එක්දින තරග සඳහා නායකත්වයට පත්කළ චාමර කපුගෙරද ආබාධයකට ලක්වීම හේතුවෙන් සිවුවැනි එක්දින තරගය මෙහෙයවීමේ වගකීම මාලිංගට පැවැරී තිබේ.

"මට පසුගිය තරග සංචාර දෙකේදී කඩලු ලබා ගන්න බැරිවුණා. මගේ අන්තිම මාසය දෙක ගැන කතා කරන  කට්ටිය පසුගිය අවුරුදු 14 ගැන කතා කරන්නේ නෑ. මට කඩුලු 300ක් ලබාගන්නවා කියා අරමුණක් නෑ. ලැබෙන තරගය හොඳින් ක්‍රිඩා කරනවා. 2023තෙක් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මම පීඩනය කියන දේ ගැන දන්නේ නෑ" යැයි මාලිංග මෙහිදී පැවැසීය.

එසේම කණ්ඩායමට දක්ෂතාවලින් අඩුවක් නොමැති බවත් භාවිතයේ අඩුවක් ඇති බවත් එය නිවැරදි කර ගැනීම සඳහා  ක්‍රීඩකයන්ගේ මනස සූදානම් කළ යුතු බවත් ඔහු සඳහන් කරයි. 

එය සාර්ථකවුවහොත් හෙට තරගයේ ප්‍රතිඵලය හොඳ වනු ඇති බවත් මාලිංග වැඩිදුරත් පැවැසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment