සාපෙළ අවසන්වී කාබී මත්වී දූපතක පාටියට ගිය සිසුන් 6 ක් තෙප්පම පෙරළී මරුට


සාපෙළ අවසන්වී කාබී මත්වී දූපතක පාටියට ගිය
සිසුන් 6 ක් තෙප්පම පෙරළී මරුට

මිතුරෙකුගේ උපන් දින සාදයක් සැමරීම සඳහා ඊයේ (28) සවස 1.35 ට පමණ උසස් පෙළ ලියූ සිසුන් හත් දෙනෙක් යාපනය, පන්නෙයි, මණ්ඩතිව් දූපත වෙත යමින් සිටියදී තෙප්පම පෙරළී සිසුන් 6 දෙනකු මිය ගොස්  ඇතැයි කයිට්ස් ‍පොලීසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනයේ නල්ලූර්, කොකුවිල් හා උරුම්පායි ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 19, 20 පසුවන
සිසුන්  පිරිසකි.

මෙම සිසුන්ගෙන් කිහිප දෙනකු  කොකුවිල් කාර්මික විද්‍යාලයේ පුහුණු පාඨමාලා හදාරන අය බව මියගිය සිසුන්ගේ ඥාතීන් පවසයි.

මෙම සිසුන්ගෙන් කිහිප දෙනකු  දෙවන වරට මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දී ඇති අතර එක් සිසුවකුගේ උපන් දිනයක් ඊයේ දිනට යෙදී තිබි ඇත.
එය සැමරීම සඳහා සිසුන්  18 දෙනකු එළිතිව් ජැටිය ආසන්නයේ වෙරළ තීරයට පැමිණ තිබේ. ඉන් හත් දෙනකුගේ කණ්ඩායමක් ධීවර කර්මාන්තයේ යෙදී අවසන් වී වෙරළේ තිබූ ධීවර  තෙප්පමක් උපයෝගි කර ගනිමින් මණ්ඩතිව් දූපත වෙත ගමන් කරමින් සිටියදී එක්වරම එහි සමබරතාව ගිලිහී පෙරළී තිබේ.

මේ අවස්ථාවේ අනෙක් සිසුන් මේ සිද්ධිය වෙරළේ සිට බලා සිට ඇති බව ‍පොලීසිය පවසයි.
දූපත වෙත ගමන් කරමින් සිටි සිසුන් බීමතින් සිටි බවට හා තෙප්පම නිසි ප්‍රමිතියෙන් තොර බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් කයිට්ස් ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ධර්මදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් කණ්ඩායමක්  වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment