තුන්වැනි තරග පැරදුනේ කපූගේ අත්වැරැද්දකින්?


ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තුන්වැනි එක්දින තරගයේ කාසිය වාසිය දිනා පන්දුවට පහරදීම ප්‍රතිවාදී ඉන්දියාවට ලබාදීමට ශ්‍රී ලංකා පිල සැලැසුම්කර තිබුණද කාසියේ වාසිය උරගා බැලීමට ගිය නායක චාමර කපුගෙදර එම තීරණය වෙනස්කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

තණතීරුව නිරීක්ෂණය කළ  ශ්‍රී ලංකා තේරීම් කමිටු සමාජිකයන් පුහුණුකරුවන් ඇතුළු සියලුදෙනා කණ්ඩායම් සාකච්ඡාවලදී තීරණය කර තිබුණේ කාසියේ වාසිය ජයගතහොත් පන්දුවට පහරදීම ප්‍රතිවාදී ඉන්දියාවට ලබාදීමට බව පැවසේ.

ශ්‍රී ලංකා පිලට වේගපන්දු යවන්නන් තිදෙනෙකු ඇතුළත් කරනු ලැබුවේද අදාළ තීන්දුව සාක්ෂාත් කර ගැනීමට බවද වාර්තා වේ.

කෙසේවුවද, කාසියේ වාසිය ජයගත් කපුගෙදර මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළයතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වය යෝජනා කර ඇතත්, එවැනි පරීක්ෂණයක් පැවැත්වීම මේවන විට ශ්‍රී ලංකා පිල පසුබැස සිටින තත්ත්වය වර්ධනයවීමට ඇති ඉඩකඩ වැඩි කරන අවස්ථාවක් බැවින් එය අත්හැරීමට ක්‍රිකට් ප්‍රධානීන් තීරණය කර ඇති බවද මේ අතර වාර්තා වේ.

චාමර මේ සම්බන්ධයෙන් ක්‍රිකට් බලධාරීන්ට පවසා ඇත්තේ තමාට කාසිය වාසිය ජයගැනීමෙන් පසුව එය පැටලුන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය මේ සිද්ධිය සම්බන්ධයෙන් චාමරට දැඩිව දෝශාරෝපනය කරන බවද ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

(SLM)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment