විභාග වංචා සොයන්න විශේෂ කමිටුවක්

විභාග වංචා සොයන්න විශේෂ කමිටුවක්
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නව කමිටුව ස්ථාපිත කිරීම සඳහා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.
 
මේ වනවිට පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් කළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇති බව වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පැවැත්වේ. මීට අමතරව නවීන තාක්ෂණය භාවිතා කරමින් සිදුකළ විභාග වංචායක් සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කර තිබේ.
 
අතීතයේදී සිදුකළ සාම්ප්‍රදායික විභාග වංචා වෙනුවට වර්තමානයේදී නවීන තාක්ෂණය භාවිතා කරමින් සූක්ෂ්ම ක්‍රම භාවිතා කරමින් විභාග වංචා සිදුකරන අතර එහෙත් මේ වනතෙක් විභාග වංචා පරීක්ෂණවලදී එවැනි සූක්ෂ්ම වංචා ක්‍රමවේද හසුකර ගැනීමට තරම් අධ්‍යපන අමාත්‍යංශයේ නිරීක්ෂණ ක්‍රමවේද දියුණු නොවීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment