රජය කිසිසේත් අධිකරණ කටයුතුවලට අත තියන්නේ නෑ

GAYANTHA_KK

වත්මන් රජයට දෙවසරක් ගතවිමේ දී ජනතාවට සතුටු විය හැකි වාතාවරණයක් උදාවී ඇතැයි ඇමති ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.අද (20) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සදහන් කළේ ජනවාරි 08 ජයග්‍රහණය නිහඬ විප්ලවයක් ලෙස සලකන බවයි.එම ජයග්‍රහණයෙන් පසු ප්‍රධාන පක්ෂ දෙක එකට එක්ව කටයුතු කිරීමට හැකි ජාතික ආණ්ඩුවක් නිර්මාණය වීම මෙරට දේශපාලන ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

අන්තවාදය,ජාතිවාදය ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කර ඇති අතර හැමදෙනාගේම බලාපොරොත්තුව සංහිඳියාව ගොඩනගා ගැනීම සහ ඒ අනුව ඉදිරි කාලය පොදු ජාතික හැඟීමකින් කටයුතු කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළා.

රජය කිසිසේත් අධිකරණ කටයුතුවලට අත නොපොවන බවද මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා සදහන් කර සිටියා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment