මහින්ද අගමැති නොකළොත් අරුන්දික ආණ්‌ඩුවෙන් යන්න හදයි.


සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර අගමැති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා නොදුන්නොත් තමා ඇතුළු කණ්‌ඩායම ආණ්‌ඩුවෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්‍ෂයට යැම වැළැක්‌විය නොහැකි බව සංචාරක හා ක්‍රිස්‌තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා පැවැසීය.

රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය ලබාදෙන ලෙස තම කණ්‌ඩායම මීට ඉහතදී අවස්‌ථා කිහිපයක දීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත දැනුම් දී තිබෙන බවත් ඒ අනුව හෙතෙම එම ඉල්ලීම ඉටු කරනු ඇතැයි තමා බලාසිටින බවත් අරුන්දික ප්‍රනාන්දු මහතා කීය.

පක්‍ෂයක්‌ ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත් නොවන්නේ නම් තවදුරටත් ආණ්‌ඩුව තුළ තමන්ට සහ තම කණ්‌ඩායමට රැඳී සිටිය නොහැකි යෑයිද ජනාධිපතිවරයා තම ඉල්ලීමට එකඟත්වය පළ කළහොත් ඉදිරියටත් සහාය ලබා දෙන බවද හෙතෙම පැවසීය.

ආණ්‌ඩුවෙන් ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට තම කණ්‌ඩායම වෙලාවක්‌ සහ දිනයක්‌ ඉල්ලා ඇතැයිද නමුත් ජනාධිපතිවරයා දිනයක්‌ ලබාදී නැතැයිද ඇමැතිවරයා පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment