ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හුවමාරු මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව.


ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය වෙනත් රටවලට පහසුවෙන් බෙදා හැරිම සඳහා මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන් ශ්‍රි ලංකාව යොදාගෙන ඇති බව ජාත්‍යන්තර පොලිසිය තහවුරු කර තිබේ. නිතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ පවසා සිටියේ මීට සති දෙක තුනකට පෙර ජාත්‍යන්තර පොලීසිය සමග පැවැති සාකච්ජාවකදි ඔවුන් ඒ බව තහවුරු කළ බවයි.

සාගර කලාපීය පිහිටිම අනුව ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඔවුන්ට ඉතාම පහසුවෙන් මත්ද්‍රව්‍ය එහා මෙහා ගෙන යාමට ලංකාවේ ඇති පහසු බව යොදා ගනිමින් පසුගිය කාලයේ දි මෙරට හරහා ගෙන යෑමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොග ගණනාවක් අත් අඩංගුවට ගැනිමට අපේ ආරක්ෂක අංශවලට හැකි විය.

ලෝක මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ඉන්දියා සාගර කලාපිය හරහා සිදුවීම ඉන්දියන් සාගර කලාපිය රටවල්වල අනාරක්ෂිත භාවයක් ඇති කිරීමට හේතු වි ඇති බැවින් මෙම අනාරක්ෂිත භාවයෙන් මෙම රටවල් මුදාගැනීමට ජාත්‍යන්තර පොලිසිය සමග එක්ව ඉන්දියානු සාගර කලාපිය රටවල් මේ වන විටත් පුළුල් ලෙස සාකච්ජා පවත්වමින් එම රටවල ආරක්ෂාව තහවුරු කර ගැනිමට අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අවතිර්ණය වෙමින් සිටියි. ඒ අනුව ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාවාරම් පිටුපස ජාත්‍යන්තර බුද්ධි අංශ ලුහු බඳිමින් ඔවුන් සිදු කරන ජාවාරම් කොටු කර ගැනීමට මෙහෙයුම් සිදු කරමින් සිටින බවද පැවසේ.

තවද ජාත්‍යන්තර පොලීසිය ඉන්දියානු සාගර කලාපිය රටවල් සමග එක්ව එකිනෙකට සම්බන්ධ වෙමින් නිරතුරුවම සති දෙක තුනකට වරක් මුණ ගැසී සාකච්ජා පවත්වමින් එම රටවල් වල ආරක්ෂක අංශ විසින් ක්‍රියා කරන ආකාරය පිළිබදව නිරතුරුවම සොයා බලන බවද වාර්තා වෙයි.

නිතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය විසින් මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිටුපස ‍ගොස් කොටු කර ගැනිම සඳහා වෙනම පොලිස් කොට්ඨාශයක් පිහිටුවා එමගින් නිරතුරුවම මෙහෙයුම් සිදු කර ගෙන යන බවද පැවසේ. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment