විජේදාසට ශ්‍රීලනිපයට එක්වීමට බාධකයක්.


එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීම මත අමාත්‍ය ධුරයෙන් ඉවත්කරනු ලැබූ විජේදාස රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට බාධකයක් පවතින බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.

යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්සන් කල අවබෝධතා ගිවිසුමට අනුව, එම පක්ෂ දෙකෙන් කවරහෝ පක්ෂයකින් විනය චෝදනා මත ඉවත් කරන අයකු අනෙක් පක්ෂයට බඳවා නොගැනීමට ගිවිසගෙන තිබීම ඊට හේතුව බව ඔහු කියා සිටියේය.

එම ඇමතිවරයා එබව සඳහන් කලේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් කල විමසීමකදීය.

අමාත්‍ය  ධුරයෙන් ඉවත් කෙරුණ ද විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව දේශපාලන කටයුතු කිරිමේ හැකියාවක් පවතින බව හම්බන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබිණ.

විජේදාස රාජපක්ෂ මහතා සමඟ පෞද්ගලික ආරවුලක් නොමැති බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment