සහල් මිල ඉහළ යෑම පහල දාන්න ඉන්දියාවෙන් හාල්

Rice_23_11

දේශීය වෙළෙඳ‍පොළේ සහල් මිල ඉහළ යෑම වැළැක්වීමේ අරමුණින් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් ඉන්දියාවෙන් මෙරටට ආනයනය කිරීමට පියවර ගත් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.මේ අනුව නාඩු මෙට්‍රික් ටොන් හැත්තෑ දහසක් හා සම්බා සහල් මෙට්‍රික් ටොන් තිස්දහසක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට කටයුතු යොදා තිබේ.

මෙම සහල් තොගය ඉන්දියාවේ පෞද්ගලික අංශයෙන් මෙරටට ලබා ගැනීමට නියමිතය. එහි මූලික අදියර ලෙස නාඩු මෙට්‍රික් ටොන් 70000ක ප්‍රමාණය සැප්තැම්බර් මස දෙවැනි සතිය තුළ මෙරටට ආනයනය කිරීමට නියමිතව ඇති බවත් ඉතිරි සම්බා මෙට්‍රික් ටොන් 30000ක ප්‍රමාණය සැප්තැම්බර් මස අග සතියේදී මෙරට වෙළෙඳ‍පොළට මුදාහැරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් අමාත්‍ය බදියුදීන් මහතා පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment